Monday, October 7, 2024

ආගන්තුකයෙකුගෙන් නොවිමසිය යුතුයි ....


ස්වකැමැත්තෙන්

පාවිච්චි වෙන තැනක 

ප්‍රේමය නොසෙවිය යුතුයි 

හිතවතියේ .... 

නුබේ ප්‍රේමය නුබෙයි 

එය ඔහුගේත් එසේ දැයි 

නොවිමසිය යුතුයි ...


හිත බිදෙන විට 

කුඩු කරම දමනවාදැයි

නැවත ඇලවිය යුතුදැයි

ඔබ තීරණය කල යුතුයි 

හිතවතියේ...

නුබේ ප්‍රශ්නයට විසදුම 

ආගන්තුකයෙකුගෙන් නොවිමසිය යුතුයි ....


සිරුර මත දුවන 

ඇගිලි තුඩු අගින් 

හිත අතගනවාදැයි

නොඇසිය යුතුයි 

හිතවතියේ ....

මේ නුබේ ප්‍රේමයයි 

වග උත්තර ඔහුගෙන් 

නොවිමසිය යුතුයි ...


Thursday, July 4, 2024

සංවාද  

බොහෝ දොඩමළුව ඇරබෙන සංවාද 
අවසන
"හුම්ම්ම්ම්ම්" 
හඩින් නිමා වීය .... 

(24/06/2024)

Friday, August 25, 2023

එකම අහසක් යට 

දෙතැනක හිද 

මම ඔබ ගැනත් 

ඔබ ඇය ගැනත් 

ලතවුලෙනි,  

අත හැර ගත නොහැකි 

හැගුමකට .....

24/08/2023 

Thursday, August 17, 2023

ප්‍රේමය ප්‍රේමයමයි !








සමහරක් සම්බන්දතා 

සමහර සංදිස්ථාන වලදී 

එක්කෝ 

කොන්දේසි විරහිතව අතහරින්න ඕනේ 

එහෙමත් නැත්නම් 

කොන්දේසි විරහිතව අත නොහැරෙන්න අල්ල ගන්න ඕනේ 

නමුත් තීරණේ මොකක් උනත් ......

ජීවිත කාලේම හැම තප්පරේම හිතට දැනෙන අසීමිත වේදනාව දර ගන්න අපි හිත හදා ගන්න ඕනේ. තමන්ගේ නොවන වෙන කාගේ හරි වීදුරු පොච්චියකට හිත ගියාම එහෙම තමා. අයිතිකාරයා හිතාමතා  හෝ නොහිත ඒක බිදින හැම වෙලාවකම එකේ නැතිවෙන කෑලි කඩොතොලු වලට හිත තුවාල කරගන්න හිත හදා ගන්න ඕනේ...

නමුදු 

හිමි  වුවා හෝ නැතා ප්‍රේමය ප්‍රේමයමයි !

පෙරලා කිසිවකුදු නොලැබුනත්  ප්‍රේමය ප්‍රේමයමයි !

ඔබට මා කිසිවකුදු නොඋනද ප්‍රේමය ප්‍රේමයමයි !


17/08/2023 

11.24 pm (at Bournemouth, UK)

Monday, July 31, 2023

රස, අලංකාර,  සැරසිලි පිරුණු 

ප්‍රේම කතාවක් දුටිමි 

නමුදු 

කොතනකවත් 

ප්‍රේමය නොදුටිමි .....









11. 04. 2023 (Bournemouth , UK) 

Friday, September 6, 2019


somewhere somehow you left my hand....

(Somewhere around 11.45 am to 12.45 pm)          Owl      : Hmmmmm
(Just within 01 minute) 11.46 am……..12.46 pm  Nobody: Hummm……
.
.
.
(Exactly at) 2.00 pm                                                Nobody: Your Lunch?
(Within 5 to 20 minutes)                                         Owl       : Will go now
(Just within 01 minute) 2.06 pm ………2.21 pm    Nobody: Ok  or Hummm…
.
.
.
(Somewhere around 6.00 pm to 6.20 pm)               Owl         : Off
(Within 01 minute) 6.01 pm ……………6.21 pm   Nobody  : within 10 minutes
.
Sharp at 6.15 pm                                                       Nobody: off
Within 5 to 6 minutes) 6.19 pm ……..6.25pm         Owl      : Go home safely
(Within 01 minute)                                                    Nobody: ok
.
.
.
7.16 pm                                                                 Nobody  : Home
7.17 pm                                                                 Owl         : hmmmm

7.18 pm                                                                 Nobody : still at office
7.19 pm                                                                 owl        : Off
7.20 pm                                                                 Nobody : Parissamin yanna
.
.
.
8.35 pm                                                                 Nobody  : Home?
8.36 pm                                                                 Owl        : Just in
8.37 pm                                                                 Nobody  : Dinner?
8.38 pm                                                                 Owl        : will eat
.
.
.
11.30 pm                                                                Nobody  : Take care of yourself… Good night… Budu Saranai….                    Sathutin parissamin enna
11.32 pm                                                                Owl         : Hmmmmm
11.33 pm                                                                Nobody   : Hummm…..

Image result for alone in the rain
කාලෙත් එක්ක සම්බන්ධකම් කොයි තරම් නීරස වෙන්න පුළුවන්ද?....එක්කෙනෙක් තප්පරයකින් අමතක කරන කොට අනිත් කෙනා ඒක දරා ගන්න කොයිතරම් ආයාසයක් ගන්නවද?....මේ කෙටි පණිවිඩ 2..3 එනකම් කී සැරයක් නම් phone එක check කරනවද ?...පැය ගානක් phone එකට ඔරවන ගමන් දන්නෙම නැතිව නින්ද ගිහින් ආයෙත් උදේ නැගිට්ටම හිස් කියලා දැනගෙනත් phone එක check කරන්න තරම්ම මෝඩයි... මැරෙන්න තරම් වේදනා උනත් ඇයි අත අරින්න මේ තරම් දුක….

Tuesday, March 19, 2019


ප්‍රේමය

අදත් ‍ප්‍රේමය
දැනෙයි ඉඳහිට,
අහුල ගත්
වදනකින් දෙකකින්....