මට ඕන හුස්ම ගන්න
ඇස්
දෙක රතු පාට උනත්.....
ඇහි පිහාටු වලට දරන්න බැරිතරම් මහ බරට
කදුළු
පිරුනත් ......
මට
ඕන එකම කදුළක් වත් නොවැටී ඉන්න.
මට ඕන එක විදිහට හුස්ම ගන්න
මතක් වෙනකොට උගුර හිර උනත් .....
දරන්න බැරි වේගයෙන් හුස්ම වැටුනත්
සමහරක් වෙලාවට හුස්ම හිරවෙන්න වගේ දැනුනත් ....
මට ඕන මම වෙනුවෙන් සාමානය්‍ය විදිහට
හුස්ම ගන්න.
මට ඕන රූස්ස ගහක් වගේ ශක්තිමත්ව ඉන්න
මුල් ඉදිරිලා වැටෙන්න තරම් දෙදරුම් කෑවත් ....
කොයි තරම් අවු වැසි වැටුනත්
දරන්න බැරි තරම් ඉඩෝරයකදි උනත් ....
මට ඕන හෙලවෙන්නෙවත් නැතිව ඉන්න.
මට ඕන ඔබව නිසොල්මනේ රස විදින්න
පරිස්සමට මගේ හිතේ තියාගන්න....
අහිතක් නැතිවම ඕන වෙනකොට යන්න දෙන්න
අත අරින්න කොයි තරම් ලෝබ උනත් ....
ඔබට නොදැනෙන්නවත් ඔබව අල්ලා නොගන්න.


