දෙතැනක හිද
මම ඔබ ගැනත්
ඔබ ඇය ගැනත්
ලතවුලෙනි,
අත හැර ගත නොහැකි
හැගුමකට .....
24/08/2023
"අරුමැසි සිත" - දහසක් වැඩ අතරතුර හිත, නෙත, සවන ගැස්සුනු නැවතුනු සිදුවීම්,දසුන්, කනවැකීම් අකුරු කල නැවතුමකි. මෙහි පළවන බොහෝ දෑ කොතැනකදී කවදා හෝ කසිවකු විසින් අත්විදි දෑය. ලියා තබනුයේ හුදෙක් සංවේදී යහපත් සමාජයක පෙරනිමිත්ත සඳහාම පමණය.
සමහරක් සම්බන්දතා
සමහර සංදිස්ථාන වලදී
එක්කෝ
කොන්දේසි විරහිතව අතහරින්න ඕනේ
එහෙමත් නැත්නම්
කොන්දේසි විරහිතව අත නොහැරෙන්න අල්ල ගන්න ඕනේ
නමුත් තීරණේ මොකක් උනත් ......
ජීවිත කාලේම හැම තප්පරේම හිතට දැනෙන අසීමිත වේදනාව දර ගන්න අපි හිත හදා ගන්න ඕනේ. තමන්ගේ නොවන වෙන කාගේ හරි වීදුරු පොච්චියකට හිත ගියාම එහෙම තමා. අයිතිකාරයා හිතාමතා හෝ නොහිත ඒක බිදින හැම වෙලාවකම එකේ නැතිවෙන කෑලි කඩොතොලු වලට හිත තුවාල කරගන්න හිත හදා ගන්න ඕනේ...
නමුදු
හිමි වුවා හෝ නැතා ප්‍රේමය ප්‍රේමයමයි !
පෙරලා කිසිවකුදු නොලැබුනත් ප්‍රේමය ප්‍රේමයමයි !
ඔබට මා කිසිවකුදු නොඋනද ප්‍රේමය ප්‍රේමයමයි !
17/08/2023
11.24 pm (at Bournemouth, UK)