Saturday, April 29, 2017

She……


There are things she knows & things she trust with no reason or with no guarantee. Some of those comes from her heart & some from her head. Sometimes it’s what she has experienced or what she has observed. And some of those are unapologetically rough and unapologetically sweet ….. She knows what she have and what she doesn’t have… yet she embrace what is around her with open arms.

She see the beauty of all & the depth of small things which no one else ever noticed. She knows how to smile same as how to cry…. She knows how to love same as how to hate. Yes… she knows how to be jealous as same as to accept things with equanimity. And she knows the right moment….when to shake her head and to walk away from all.  Even her heart doesn’t accept she is perfect in lying for the happiness of one’s she really loves.


She has been shaped by the things she has gone through and by the people she met and the incidents she knows…… she has learned her way on her own. She is comfortable with her way and she is comfortable with who she is….. All this does not mean she is tough, hard-hitting or she is broken… or she is a robot with no emotions….. Does not mean she is absent or dose not exist …. She is here right there…. Right next to you…..  Like wind in the willows ….. Beauty of the blossoms…. And like a memory you never want to fade….. Did you noticed?


Tuesday, April 25, 2017

අළු පාට....

"Don't ever stopped hating until that life comes "

"hummm...... what if this is my last birth?"

"Possibly then mine too...."

හිත විතරක් නෙවෙයි...මොහොතකට හුස්මත් නැවතුනා...
විතරක් නම් මොකෝ මොහොතකට සියල්ල නවතිනවා නම් කියලා හිතුනා......

මොකුත්ම වෙන්නෙ නෑ කියලා දැනෙන කොට ........ හරිම හිස් හැගීමකුත් එක්ක මගේ හිත මම දිහාම නිහඩවම බලාන උන්නා........

Wednesday, April 12, 2017

මගේ පුංචි සීනි කූර..... 


 ජීවිතය විටෙක වේදනාකාරීය….. විටෙක හාස‍‍ය්‍යජනකය…. විටෙක මිහිරිය…... විටෙක අමිහිරිය….. නමුදු එය සෑම විටෙකම බෙහෙවින් විචිත‍්‍රරවත්‍ ය….. එය මට පසක් කර දුන්නේ ඔබය.  

මගේ සමණලී ඔයා සතුටෙන් නේද..... බොහෝ කළකට පසු අම්මාද සතුටෙනි... නොවැදගත් කාරණාවකට විකාර ලෙස සිනහ වීමටත්... ඇස් වලින් ඉඟි මැරීමටත් මා බොහෝ සෙයින් හිතින් අල්ලා ගත් එකදු චරිතයක් වත් අද මා අසල නැත..... නමුදු  සතුටෙන්මදැයි හරි හැටිම නිනව් නොවුනද අම්මා හුස්ම ගන්නා හඩ අම්මාටම ඇසේ...

අම්මා  සමණළයන්ට කැමති වග දූ දන්නවා නොවෙද?...කලකට පසුු අම්මා සමණළයකු දුටුවේ‍ය. .... නිවැරදිව කියන්නේ නම් සමණළයා අම්මාව දුටුවේ‍ය. පාට පිරුණු සමණළයකු... අල්ලා ගන්නට නොහිතෙන නමුදු අතහරින්නට බෙහෙවින් ලෝබ හිතෙන සමණළයකු... අතරින් පතර අම්මාගේ කතා වලට අහුමුළු සොයමින් .... දු ගැන කිසිවක්ම නොඅසා හිනැහී හිනැහී හීන්සැරේ අම්මාගේ හදවත ශක්තිමත් දැයි සමණළයා අසයි.... කොතරම් වචන තිබුනද කොහොම නම් පැහැදිලි කරන්නද……?

ඔබ දරා ඉන්නට කුස ශක්තිමත් නොවූවත් අඳටත් ඔබ දරා ඉන්නට මගේ හිත ශක්තිමත්‍ ය... ඔබ මතකයට නොඑනවා කීවොත්... හිත රිදෙනවා නොකීවොත්... එය බොරුය... එහෙත් මිනිසුන් නොදන්නවා සේ එකම ප‍්‍රශ්ණය දාහක් විදිහට අසන විට ඒවාට හිනැහෙන්නට... නොතේ‍රුනු සේ ඉන්නට තරම් අම්මා දැන් ශක්තිමත්‍ ය... අම්මාගේ කුඩා, සියුමැලි රූපයට වඩා අම්මාගේ බිඳුනු හදවත බොහෝ ශක්තිමත් ය.... ඇගේ මුව කිසිදු වදනක් නොකීවද....  ඇගේ හැඩක් නැති දෙනෙත් බොහෝ දොඩමළුය... නැතිනම් දන්නා උන් කියන්නා සේ ඇගේ රුව බොහෝ දොඩමළුය...  අම්මාට නුඹ නැතිව පාළුය.... කිසිවකුට කසිවිටෙක නොදැනුනද..... අම්මාට නුඹ නැතිව හොදටෝම පාළුය....

අම්මාගේ බෙහෙවින් පරණ හිතවතියක... වසර ගණනකින් නෙත නොගැටි මුත් නිතර සිත ගැටුනු පරණ හිතවතියක් .... අම්මාගේ පරණ තුවාලය අළුතින් අත් දැක්කාය... ඇගේ හිත හදන්නට වදනක් වත් නොකීවද... නුඹට පිං සිදු වන්නට..ඒ පුංචි මල වෙනුවෙන් නිහඩ ප්‍රාර්ථනාවක් කරන්නට.. එකදු කදුළක් වත් නොවැටී ඈ හිත් කොනක රඳවා ගන්නට අම්මාට හැකි විය. නුඹ සේම ඈ ද ගිය මුත් ඒ නැන්දා අම්මාට වඩා දහස්වර පිංවත්‍ ය... කිමඳ මම දන්නේ නුඹ නොආ බව පමණකි. නමුදු ඈට ඇගේ රුවද, ආගිය තතුද උණුසුමඳ මතකය...

වෙනදා සේ කොහෝ හඩ නොඇසුනත් අවුරුදු ඇවිදින්‍ ය... ගෙදරට නෑ හිතවතුන් එකතු වන, සිනහා වී අනෙකෙකුගේ ඇසට ඇගිල්ලෙන් අනින අවුරුදු අම්මාට නම් එකම වදයකි. නුඹ නැතිව අම්මාට මොන අවුරුදුද?... නමුදු අම්මාට දැනෙන දේ කිසිවකුට වගක් නැත... අම්මාගේ නිෂ්‍ෂබ්දතාවය කියවන්න කිසිවකු දන්නේ නැත. නිෂ්‍ෂබ්දතාවයක් දැඩිව දැනුනද දැන් අම්මා කම්පා වනවා අඩුය. නුඹ නික්ම ගියද නුඹ මට ජීවිතයේ බොහෝ පාඩම් කියා දුන්නාය. සියල්ල අත් හරින්නත් , කිසිවකට ලෝබ නොවන්නත් , මා වටා වන සියළු දේට පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී අසීමිතව ආදරය කරන්නත් නුඹ මට පසක් කර දුන්නාය. එනිසාම මරණය තව දුරටත් එතරම්ම කටුකව මට නොදැනෙනු ඇත. එය තවදුරටත් කිසිලෙසකින් අසුභ නිමිත්තක් නොවෙන්නෙ  ය.... ඒක හරිම සුභයි... කවුරු හරි කෙනෙක් මැරෙනවා කියන්නෙ එයා මේ දිග සංසාරෙ තව එක නැවතුමක් පහු කරා කියන එක... තවත් එක ආත්මයක් ගෙවලා ඉවරයි කියන එක... කවුද දන්නෙ මේ ගෙවිලා ඉවර උනේ ඒ කෙනාගෙ අවසාන ආත්මෙද කියලා.... ඉතින් නුඹ මට වඩා වාසනාවන්තය. අම්මා ඒ ගැන සතුටිනි.

අම්මාගෙයි .. දූගෙයි කාළය එතරම් විශාල නො වූවත් සියලු මතකයන් බෙහෙවින් විශාලව තවමත් එහි ඉතිරි වී ඇත. අම්මාගේ හදවත පුරාම අඩුවැඩි ලෙස නුඹ හැම මොහොතකම ඔබ මොබ සරනු ඇත. එය සීතලම වී නවතින තුරු අම්මා නුඹව ශක්තිමත්ව දරා හිදිනු නොඅනුමානය....

...............................................................................................................................................................................................................................................................


සමණළයෝ මගේ හදවත බෙහෙවින් ශක්තිමත්‍ ය