කිසිදු අයුරකින්
අල්ලා නොගනිමි...
එනමුදු කිසි විටෙකත්
අත නොහරිමි .....
කිසිදු විටෙක
මතක් නොකර ද .....
අමතක නොවනු
ඇතැයි සිතමි.....
"අරුමැසි සිත" - දහසක් වැඩ අතරතුර හිත, නෙත, සවන ගැස්සුනු නැවතුනු සිදුවීම්,දසුන්, කනවැකීම් අකුරු කල නැවතුමකි. මෙහි පළවන බොහෝ දෑ කොතැනකදී කවදා හෝ කසිවකු විසින් අත්විදි දෑය. ලියා තබනුයේ හුදෙක් සංවේදී යහපත් සමාජයක පෙරනිමිත්ත සඳහාම පමණය.
Friday, September 22, 2017
Monday, September 18, 2017
I Feel it Here and There & Everywhere
I never got a chance to tell you
how that expression on your face stayed with me
Sometimes I feel it inside my eyes
In my flesh and bones ... in the
deep of my blood veins
In my long black hair
I feel it here and there &
everywhere
I read it in books... in my
computer
I see that in pictures ... in the
vibrant colors of those pictures
I see it in my mind ... in my
thoughts...
I see it here and there &
everywhere
I feel it in the rain
I feel it in the sunshine ... in
clear beautiful sky
I feel it in the dry slow wind
I feel it here and there &
everywhere
I experience it in my emotions
In deep love and the anger
Sadness and the joy ... where I
lost all alone for hours and hours
I experience it here and there
& everywhere
I live with it ,in every given
second and I know I fell in love with you more than the “idea of you”.
Sunday, September 10, 2017
මගහැරුනු ජිවිතේ
අපි කවදාවත් කියවන්න උත්සාහ නොකරන සිත් වල, ජීවිතයේ කවදාවත් ඇහුම්කන් නොදෙන රහස් වල, හිතාමතා හෝ නොසිතා...
එහෙමත් නැත්නම් උවමනාවෙන්ම.... එහෙමත් නැත්නම් නොදැනුවත්ව... මට, ඔබට, අපට මගහැරෙන පොත්පත්, සිද්ධි දාමයන් , පුද්ගලයන් නිසා ජීවත්වෙන කෙටි කාලයේ අපට මගහැරුනු ජිවිතේ එමටයි.
ඒ මඟ හැරෙන දේවල් මග නොහැරණා නම් අපේ ජීවිත අපි අද ගෙවන තත්වයට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්..... ඒ වෙනස හොඳ මෙන්ම නරකත් වෙන්නත් පුළුවන්.... නමුත් වෙනසක් සිද්ධ වෙන්න තිබුණු බව අනිවාර්යයි.
අපි බහුතරයක් ජීවිතය කියලා හිතන්න එකක් පසු වෙනකොට තව එකක් පසුපස හඹා යෑම. බොහෝ වෙලාවට අපි හැමෝම වගේ කරන්න අසම්පූර්ණ සිහින සම්පූර්ණ කරන්න දඟලන එක. කණගාටුවට කාරණාව නම් සමහර වෙලාවට මේ හීනේ අපිට ඇබින්දක්වත් වැදගත් නැති අනුන්ගෙන් ණයට ගත්ත ඒවා වීමයි. අඩුම ගානේ හීන අපේද කියලා හිතන්නවත්... සම්පූර්ණ කරගත්තු ඒවාගෙ ලස්සන දකින්නවත් අපිට ඉස්පාසුවක් නෑ. අන්තිමේදී අපිත් එක්කම ඉටු වුන හීනයි, ඉටු නොවුන හීනයි දෙකම පාට හේදිලා මුල්ලකට වෙනවා. නිවෙන්නෙ නැති මහන්සියකුත් ... කියන්න බැරි හිස්කමකුයි .... නොතේරෙන දුකකුයි එක්ක ජීවිතේ එක්තරා තැනකදි මග ඇරිල.
අනෙක් අතින් අපේ ප්රේමයත් ඒ වගේ... වඩා වැදගත් ම දේ වෙන ආදරය අත ඇරලා අපි ආදරෙ ඉම සොයාගෙන ගිහින් ...ආදරය හැරුණු කොට අනිත් හැමදේම අපිට හමු වෙනකොට වඩා වැදගත් ම මනුෂ්‍ය හැඟීම මග ඇරිලා.
අවසානයේ අපි සද්දෙට හුස්ම අල්ලන්නෙවත් නැති දරදඩු මිනිස්සු වෙලා.
Subscribe to:
Posts (Atom)
