දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි..........
සෙනෙහස බොහෝ විට අප නොදන්නා නොහිතනා මානයන්හිදි
හමුවී මුවින් වදනකුදු නොදොඩා නිහඩව සදාකාලිකවම අපි තුල ජීවත් වෙනවා....... මේ පුන්චි
හිනාව ඵයා අත් දෙක තියාගෙන ඉන්න සිමෙන්ති තට්ටුව යටට පස් වුනු ඒ ආදරනීය...
කරුණාවන්ත.... ශක්තිමත් ..... ජීවිතේ ගැන හාංකවිස්සියක් වත් දන්නේ නෑ..... ඒත්
කාළෙකට සැරයක් පහනකුයි ඉටි පන්දමකුයි ...හදුන් කූරැයි අරගෙනන ඇවිත් වචනයක් වත්
නොකියා බරට හුස්ම ගන්න එයාගෙ තාත්තාට මේ සොහොනෙ නිදන කෙනා මහ මෙරක් කියලා මේ
පුන්චි කෙල්ල තරම් වෙන කවුරුවත් දන්නෙ නෑ. ඉතින් තාත්තා කෙනෙක්ට දුවෙක් තරම් හොඳ
භාවනාවක් තවත් ඇති කියලා කොහොම කියනනද?...... දුවෙක්ට තාත්තා තරම්
ලබැදි හිතවතෙක් කොහෙන් හොයන්නද?...
තාත්තාගෙ ඇගිල්ල අල්ලගෙන හාපුරා ලෝකෙ දකින ගැහැණු
දරුවො තරම් තාත්තෙක්ගෙ ජීවිතේට එබිලා බලන්න පුළුවන් ගැහැණු චරිතයක් කවදාවත්ම
හොයා ගන්න පුළුවන්ද?... හිනාවක් ගුලි
වුන මුහුනෙ හැන්ගුන කඳුළු... යාන්තමට සුදු පාට වුනු රැවුල් කොට අතරෙ හයියෙන්
නැවතිල්ලෙ දැනෙන කාන්සිය.... වචනයක් වත් නොකීවත් දරා ගන්න බැරි තරම් ආදරෙත්
දැනෙන්නෙ දු පොඩිත්තන්ට විතරක්ම නෙවෙයිද ?....
කිසිදාක වචන වලට නොනැගුනත් තාත්තෙකුගෙයි දුවෙකුගෙයි
ආදරේ හරියට මහ පොළොව වගේ.... ඒ ආදරේ ඇතුලෙ තියන අසීමාන්තික දරා ගැනීම්....
නිහඩ ගැඹුරු හැගීම්..... අනන්ත අපමණ කැප කිරීම්..... රැකවරණය.... සහ කිසි දිනක
වෙනත් කිසිවකුටත් වටහා ගත නොහැකි නොවෙනස් හැගීම් මිහිරි සේම එකසේ
වේදනාකාරී... එය සදාකාලිකව
දියණිය සහ පියානන් බැඳ තබන කිසිවකු ඇස නොගැටි කිසිදු ලෙස පළුදු නොවන රැහැනක්
වැනිය......
ඉතින් දියණිය පියෙකුට පහනක් වීමත් පියාතුමෝ දියණියට
සදාකාලික නැවතුමක් වීමත් අරුමයක් වන්නේ
කෙලෙසකද ?....

No comments:
Post a Comment