යශෝදරා ප්‍රේමය………
යශෝදරා ප්‍රේමය
මෙය වෙන්න ඇති.හිමි කර ගැනීමේ කිසිදු උවමනාවක් නැති.... අහිමි වී යාවි යැයි
කිසිදු පස්චත්තාපයක් නොදැනෙන..... දෙනෙතින්
උරාගත් රුවත්, හිතිනු උරා
ගත් හැගීමුත් සදාකාලිකව නොමැරී ජීවත් වෙන.... කල්ප කාලාන්තරයකට වරක් අහම්බෙන්
කෙනෙකුට මුන ගැහෙන යශෝදරා ප්‍රේමය මෙය වෙන්න ඇති.
සියළු දැන
හැදිනීම් තමන්ටම පමනක් සීමා වුනු...... සන්තෘප්තිය, දුක, වේදනාව, කෝපය, බලාපොරොත්තු කඩවීම යන එකී නොකී සියළු
සංවේදනා ඒක පාර්ශවීය වන යශෝදරා ප්‍රේමය මෙය වෙන්න ඇති. නිහඩ බව ඇතුලෙ දහසක්
වේදනාකාරී මිමිනුම් කන වැකෙන......... මහා ගෝසාවක් මැද්දෙත් හුස්ම හඩ පවා ඇසෙන මහා නිහඩ බවක් ඇති කීරි ගැහෙන හිතින්
අසංකය්‍ය.... කල්ප ලක්‍ෂයක් සීරුවට දරා ගත් තෘප්තිමත් යශෝදරා ප්‍රේමය මෙය
වෙන්න ඇති......
අනෙකා පෙම්
කලද නොකලද අහිතක් දුකක් නොදැනෙන...... දැනෙන හැගීම් දැනීම් ගැන වග විභාගයක්
නොදැනෙන නිදහස් ප්‍රේමය මෙය වෙන්න ඇති. නන්නාදුනන තැනකදී අහම්බෙන් මුන ගැහෙන, කිසි විටෙක කිසිවකුත් තුලින් නොදැනුන හුරු
පුරුදු ගතියක් දැනෙන, යලිදු කිසිදිනෙක නැවත මුන ගැසේ දැයි නොදන්නා සෞමය්‍ය
ප්‍රේමය මෙය වෙන්න ඇති. කිසිදු ලෙසකින්
කිසි විටෙක වත් අත් පත් කරගත නොහැකි...... නමුදු කිසි විටෙක වත් අත නොහැරෙන
මගේ සංසාරගත ප්‍රේමය මෙය වෙන්න ඇති.
…………………………………………………………………………………………………………
ප්‍රේමය නම්
ප්‍රේමයමය... නමක් ගමක් නොතිබුනද.. සබඳ කමක් නොවුවද... එකි නෙකා කෙරෙහි හටගන්නා
චිත්ත සන්වේදනා සැනසිලි සහගත නම්.... නමක් නොවූවද ඒ ප්‍රේමයමය නොවෙද?.....
චිරාත් කාලයක්
පුරාවට පරපුරකින් පරපුරකට අප අසා ඇති ගැහැණුන් සහ පිරිමින් අතර වු සියළු ශක්තිමත්
සබඳතා කිසි විටෙක වත් සයනයකින් ඇරඹි සයනය තුලම මිය ගොස් නැත. එවැනි බැදීම් සෑම
විටෙම හදවත කොනකින් ඇරඹී හදවත සමගම මිය
ගොස් ඇත. බොහෝ විට උන් අතඟා ඇත්තේ සිරුර නොව හදවතය. එසේම එය හුදෙක් ප්‍රේමයම
නොව ඉන් එහාට ගිය නිදහස් සුව පහසු මානසික බන්දනයකි…..
ඉතින්.....
කාලයකට පස්සේ හිත රිදවගෙන මේ හොයන්නෙ මොනවඳ..... නොහිතපු වෙලාවක
අහම්බයක් වගේ මුනගැහුණු මගේ යශෝදරා ප්‍රේමය ද…….?
(10/3/2017.... from CH to DH)

No comments:
Post a Comment