Sunday, September 10, 2017

මගහැරුනු ජිවිතේ



අපි කවදාවත් කියවන්න උත්සාහ නොකරන සිත් වල,  ජීවිතයේ කවදාවත් ඇහුම්කන් නොදෙන රහස් වල, හිතාමතා හෝ නොසිතා...  එහෙමත් නැත්නම් උවමනාවෙන්ම.... එහෙමත් නැත්නම්  නොදැනුවත්ව...  මට,  ඔබට, අපට මගහැරෙන පොත්පත්, සිද්ධි දාමයන් , පුද්ගලයන් නිසා ජීවත්වෙන කෙටි කාලයේ අපට මගහැරුනු ජිවිතේ එමටයි.

මඟ හැරෙන දේවල් මග නොහැරණා නම් අපේ ජීවිත අපි අද ගෙවන තත්වයට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්..... වෙනස හොඳ මෙන්ම නරකත් වෙන්නත් පුළුවන්.... නමුත් වෙනසක් සිද්ධ වෙන්න තිබුණු බව අනිවාර්යයි.

අපි බහුතරයක් ජීවිතය කියලා හිතන්න එකක් පසු වෙනකොට තව එකක් පසුපස හඹා යෑම.  බොහෝ වෙලාවට අපි හැමෝම වගේ කරන්න අසම්පූර්ණ සිහින සම්පූර්ණ කරන්න දඟලන එක.  කණගාටුවට කාරණාව නම් සමහර වෙලාවට  මේ හීනේ අපිට ඇබින්දක්වත් වැදගත් නැති අනුන්ගෙන් ණයට ගත්ත ඒවා වීමයි.  අඩුම ගානේ හීන අපේද කියලා හිතන්නවත්...  සම්පූර්ණ කරගත්තු ඒවාගෙ ලස්සන දකින්නවත් අපිට ඉස්පාසුවක් නෑ.  අන්තිමේදී අපිත් එක්කම ඉටු වුන හීනයි, ඉටු නොවුන හීනයි දෙකම පාට හේදිලා මුල්ලකට වෙනවා.  නිවෙන්නෙ නැති මහන්සියකුත් ... කියන්න බැරි හිස්කමකුයි .... නොතේරෙන  දුකකුයි එක්ක ජීවිතේ එක්තරා තැනකදි මග ඇරිල.

අනෙක් අතින් අපේ ප්රේමයත් වගේ... වඩා වැදගත් දේ වෙන ආදරය අත ඇරලා අපි ආදරෙ  ඉම සොයාගෙන ගිහින් ...ආදරය හැරුණු කොට අනිත් හැමදේම අපිට හමු වෙනකොට වඩා වැදගත් මනුෂ් හැඟීම මග ඇරිලා.

අවසානයේ අපි සද්දෙට හුස්ම අල්ලන්නෙවත් නැති  දරදඩු මිනිස්සු වෙලා. 




No comments:

Post a Comment